Back to Blog
Vezel Z Premium
June 10, 2025UrbanDrive Team

Vezel Z Premium

මොකක්ද මේ Honda Vezel වල එන Z Premium කියන්නෙ? 🤔

මුලින්ම බලමු අලුත් Vezel Hybrid එකේ තියෙන grades මොනවද කියලා.

  1. X
  2. X HuNT
  3. Z
  4. Z PLaY

මේ grades ටිකේ වෙනස්කම් පහල photo එකේ table එකෙන් බලාගන්න පුළුවන්.

දැන් බලමු මොකක්ද මේ Z Premium කියන්නේ කියලා.

පහල තියන table එකේ Z grade එකේ column එකේ බැලුවොත් පේනව optional features 4ක් company එකෙන් ගන්න පුළුවන් කියල. ඒ තමයි,

  1. Honda Connect Display (Original Infotainment System එක)
  2. Wireless Charging Pad
  3. 10 Speaker Sound System
  4. Multi-View Camera System (4 Way Camera System)

මේ optional features ටික company add කරගන්න පුළුවන් මේ විදිහට විතරයි.

1. ඔය features 4න් එකක්වත් නැතුව Z grade එක ගන්න පුළුවන්. මේ වගේ ඒවාට තම ගොඩක් වෙලාවට custom fitted android players දාල තියෙන්නේ.

2. Connect Display එකයි Wireless Charging එකයි add කරලා ගන්න පුළුවන්. මේ විදිහ එකක් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් විදිහ තමයි Original Infotainment System එක තියෙනවද බලන එක.

3. ඔය optional features ඔක්කොම add කරලා ගන්නත් පුළුවන්. මේ විදිහ එකක් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් විදිහ තමයි 10 speaker sound system එකේ speakers වාහනේ A Pillar එකේ බලාගන්න පුළුවන්.

Z Premium කියල ලංකාවේ හදුන්වන්නේ ඔය කියන features ඔක්කොම add කරලා ගත්ත Z grade Vezels. මේ වාහන auction එකෙන් ගද්දි අපිට මේවා add කරගන්න බෑ. හැබැයි මේ විදි 3ටම ගත්ත Vezels auction එකේ බලාගන්න පුළුවන්.

ඉතින් මේ වගේ අලුත් අලුත් දේවල් ඉස්සරහටත් දැන ගන්න අපේ පහල තියෙන WhatsApp Channel එකට join වෙන්න අමතක කරන්නත් එපා.

Ready to Import Your Dream Car?

Get in touch with us today and let's turn your dream vehicle into a reality!

Powered by Passion, Built on Trust 🇱🇰