ඔයාලටත් අලුත් Vezel එක ගැන මේ ප්‍රශ්න ටික තියෙනවද?
- 🛑 අලුත් Vezel එකේ hybrid system එක වැඩ කරන්නෙ කොහොමද?
- 🛑 කලින් Vezel එකේ වගේ මේකෙත් dual clutch gearbox එකෙක්ද තියෙන්නේ?
- 🛑 තෙල් කීයක් වගේ වැඩ කරනවද?
- 🛑 මේකේ තියෙන grades මොනවද?
- 🛑 මොකක්ද මේ Z Premium කියන්නෙ?
- 🛑 මොනවද මේ Vezel එකේ එන අමුතු අමුතු Grilles?
- 🛑 4WD එකකුත් එනවද Vezel එකේ?
- 🛑 Personal Import එකකදී ගොඩක් importers ල කියන්නේ නැති දේවල් මොනවද?
එහෙනම් අපි බලමු මේ ප්‍රශ්න ටික එකෙන් එක.
🛑 අලුත් Vezel එකේ hybrid system එක වැඩ කරන්නෙ කොහොමද?
මේකේ තියෙන්නේ Honda ආයතනය අලුතෙන්ම හදුන්වල දුන්න e:HEV කියන hybrid system එක. මේ system එකේ මෝටර් 2ක් තියෙනවා. එකක් සවි කරලා තියෙන්නේ එන්ජින් එකට කෙලින්ම. අනිත් එක රෝද වලට.
එන්ජින් එකට සවි කරලා තියෙන මෝටර් එකෙන් වෙන්නේ කාර් රථයටම ඕනේ කරන විදුලිය engine එකේ ආධාරයෙන් ජනනය කරන එක සහ බැටරි එක charge කරන එක. සරලවම ජෙනරේටර් එකක් වගේ තමා ඒ මෝටර් එක වැඩ කරන්නේ.
අනිත් මෝටර් එකේ කාර්ය එම විදුලිය පාවිච්චි කරලා රෝද කරකැවීම. ඉතින් දිනපතා ඔයාල වාහනේ drive කරද්දී වාහනේ යන්නේ electric වාහනයක් වගේ fully electric motor එකකින්. හැබැයි වාහනේ බැටරිය engine එකෙන් charge වෙනවා background එකේ. මේක හින්ද අඩු ස්පීඩ් වලදී වැඩි සහ instant torque එකක් ගන්නත්, electric වාහනයක experience එක ගන්නත් පුළුවන්. ඒ වගේම generator එකක් විදිහට ක්‍රියා කරන ඉතා කාර්යක්ෂම engine එක නිසා ඉහල ඉන්දන කාර්යක්ෂමතාවයක් ලබා ගන්නත් පුළුවන්.
ඒ වගේම highway speed වලදී engine එක generator එකක් විදිහට වැඩ කරද්දී වෙන power loss එක මග හරවන්න engine එක directly රෝද එක්ක කපල් වෙනවා. මේ hybrid system එකම තමයි දැන් එන අනිත් Fit, Insight, CR-V,.... වගේ Honda වාහන වලත් එන්නේ.
🛑 කලින් Vezel එකේ වගේ මේකෙත් dual clutch gearbox එකෙක්ද තියෙන්නේ?
මේකේ සරලවම කිව්වොත් පරණ Vezel එකේ වගේ dual clutch gearbox එකක් වත්, අනිත් බහුතරයක් hybrid වාහන වල වගේ traditional CVT gearbox එකක්වත් එන්නේ නෑ. High speed වලදී engine එක රෝද එක්ක සම්බන්ද කරන්න clutch එකක් විතරයි එන්නේ.
🛑 තෙල් කීයක් වගේ වැඩ කරනවද?
Heavy traffic වලදී 18-25 kmpl අතරේ සහ outstation යද්දී 25-30 kmpl අතරේ වගේ වැඩ කරනවා.
🛑 මේකේ තියෙන grades මොනවද?
Honda කම්පැනි එකෙන් එන්නේ grades 4ක් විදිහට. ඒ තමයි,
1. X
2. X HuNT
3. Z
4. Z PLaY
මේ ටිකෙන් යටම grade එක තමා X කියන්නේ. එකට exterior සහ interior modifications ටිකක් කරලා තමා X HuNT grade එක එන්නේ. එත් මේ දෙකේම technology features නම් ගොඩක් දුරට සමානයි. මේ දෙකේම collision mitigation braking system, adaptive cruise control, steering assist,... වගේ safety features ඔක්කොම ලැබෙනවා.
ඊළඟට සහ highest grade එක විදිහට බලාගන්න පුළුවන් Z grade එක. මේකෙදි exterior interior වෙනස්කම් සහ technology features වැඩිපුර දකින්න පුළුවන් X grade එකට වඩා. ඒ වගේම මේ Z grade එකටම exterior සහ interior modifications ටිකක් කරලා තමා Z PLaY grade එක එන්නේ. Z PLaY grade එකේ විතරක් දකින්න හම්බෙන තව දෙයක් තමා two tone colour combination එක. ලංකාවේ දැනට තියෙන Toyota C-HR වල වගේ වාහනේ රූෆ් එකේ සහ තවත් කොටස් කීපයක එක පාටකුත් වාහනේ තව පාටකුත් බලාගන්න පුළුවන් මේ Z PLaY grade එකේදිත්. ඒ වගේම Z grade එකට වඩා සුළු technology features වෙනස්කම් කීපයකුත් බලාගන්න පුළුවන්.
🛑 මොකක්ද මේ Z Premium කියන්නෙ?
Z Premium කියල grade එකක් දැන් company එකෙන් එන්නේ නෑ. එහෙනම මොකක්ද මේ Z Premium කියන්නේ?
අපි පහලින් grades compare කරලා දාපු ෆොටෝ එකේ Z grade එකට අදාළ column එකේ බැලුවොත් ඔයාලට පේනව Z grade එකේ optional features 4ක් company එකෙන් ගන්න පුළුවන් කියල. ඒ තමයි,
- Honda Connect Display (Original Infotainment System එක)
- Wireless Charging Pad
- 10 Speaker Sound System
- Multi-View Camera System (4 Way Camera System)
මේ optional features ටික company add කරගන්න පුළුවන් මේ පහල තියෙන combinations විදිහට විතරයි.
1. ඔය features 4න් එකක්වත් නැතුව Z grade එක ගන්න පුළුවන්. මේ වගේ ඒවාට තම ගොඩක් වෙලාවට custom fitted android players දාල තියෙන්නේ.
2. Connect Display එකයි Wireless Charging එකයි add කරලා ගන්න පුළුවන්. මේ විදිහ එකක් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් විදිහ තමයි Original Infotainment System එක තියෙනවද බලන එක.
3. ඔය optional features ඔක්කොම add කරලා ගන්නත් පුළුවන්. මේ විදිහ එකක් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් විදිහ තමයි 10 speaker sound system එකේ speakers වාහනේ A Pillar එකේ බලාගන්න පුළුවන්. Z Premium කියල ලංකාවේ හදුන්වන්නේ ඔය කියන features ඔක්කොම add කරලා ගත්ත Z grade Vezels. මේ වාහන auction එකෙන් ගද්දි අපිට මේවා add කරගන්න බෑ. හැබැයි මේ විදි 3ටම ගත්ත Vezels auction එකේ බලාගන්න පුළුවන්.
🛑 මොනවද මේ Vezel එකේ එන අමුතු අමුතු Grilles?
අපි පහලින් දාල තියෙන grilles comparison photo එක මුලින් බලල එන්න. ඒ photo එකේ තියෙන අංක පිළිවෙලට,
1. Vezel එකේ මේ generation එක 2021 දී හදුන්වල දෙද්දී දි company එකෙන් ආපු default grille එක තමයි මේ. මේ design 2023 වෙනකන් ආපු Vezel වල තමා තිබුණේ. සමහර වෙලාවට 2024 මුල ආපු ඒවත් මේ design එකම තියෙනවා.
2. මේ තමයි Berlina Grille එක. මේක 2021-2023 වෙනකම් ආපු pre facelift ඒකෙදි dealer option එකක් විදිහට ඇඩ් කරගන්න පුළුවන් එකක්.
3. 2024 දී Vezel එකේ අලුත් facelift එකක් ආවා. ඒකෙදි ආපු default grille design එක තමයි මේක.
4. මේක තමයි 2024 ආපු facelift එකේ dealer option එකක් විදිහට ආපු Berlina Grille එක.
මේ Berlina Grilles වලත් එක එක variations බලාගන්න පුළුවන් Black, Black x Chrome Plating සහ Black x Glossy Copper Metallic කියලා. ඒ වගේම මේ grille එක ඉදිරියේදී ලංකාවේ after market මිලදී ගන්නත් පුළුවන් වේවි.
🛑 4WD එකකුත් එනවද Vezel එකේ?
ඔව්, Vezel එක 2WD සහ 4WD දෙකෙන්ම බලාගන්න පුළුවන්. මේ දෙකෙන් 4WD එක අඩු මිලකට auction වලින් මිලදී ගන්න පුළුවන් 2WD වලට සාපේක්ෂව 4WD එකට අඩු demand එකක් තියෙන හින්ද.
මේ දෙකේ demand වෙනසට ලොකුම හේතුව තමයි 4WD එකේ තෙල් ටිකක් අඩුවෙන් වැඩ කරන එක. ඔයාල වහනයක් ගන්න ඉන්නවනම් මේ දෙක ලේසියෙන්ම අදුරගන්න පුළුවන් විදිහ තමයි 2WD එකේ chassis number එක පටන් ගන්නේ RV5 කියල. 4WD එකේ chassis number එක පටන් ගන්නේ RV6 කියල.
🛑 Personal Import එකකදී ගොඩක් importers ල කියන්නේ නැති දේවල් මොනවද?
1. සමහර importers ල ඔයාලට ගණන් කියන්නේ LC එකක් දාද්දි bank එකෙන් ගන්න fee එක, clearing agent ගේ fee වගේ දේවල් නැතුව. LC fee එක bank එක අනුව වෙනස් වෙනවා. සාමාන්යෙන් පුත්ගලික බැංකුවක LC එකේ වටිනාකමෙන් 1.5% වගේ fee එකක් charge කරනවා. මේ වියදම් දෙකේ එකතුව විතරක් සාමාන්යෙන් ලක්ෂ 1.5-2 විතර වෙනවා.
2. ඔයාගේ importer මුළු මුදල ගණනය කරපු Yen rate එක මොකක්ද කියල අහල බලන්න. එහෙම කිව්වේ සමහර අය නිකන්ම google කරලා එන rate එකකට ගණන් හදනවා. එහෙනම් කරන්නේ ගොඩක් අඩු ගානක් ඔයාලට පෙන්නන්න ඕනේ හින්ද. හැබැයි LC එකක් settle වෙන්නේ ඔයාගේ bank එකේ TT selling rate එකට ආසන්න rate එකකට settle වෙන වෙලාවට. මේ rate දෙකේ පොඩි වෙනසට විතරක් ඔයාගේ වාහනේ මිල අඩුම ලක්ෂ දෙක තුනක වත් වැඩිවීමක් වෙන්න පුළුවන්.
ඉතින් ඔයාලට පේනවා මේ වගේ පොඩි පොඩි දේවල් වලින් කොච්චර වෙනසක් වෙන්න පුලුවන්ද කියල. සමහර importers ල අඩු මිලක් පෙන්නන්න මේ දේවල් ගැන කියන්නේ නැති අවස්ථා ගොඩක් ආරංචි වෙලා තියෙනවා. සමහර importers ල නොදැනුවත්කම හින්ද සම්පුර්ණයෙන්ම වැරදියට duty ගණනය කරපු අවස්ථාත් නැතුවම නෙවෙයි.
3. විශේෂයෙන් importer ඔයාට අරන් දුන්න වාහනේ chassis number එක RV5 ද , RV6 ද කියල කරලා බලන්න. සමහර වෙලාවට ඔයාටවත් කියන්නේ නැතුව අඩුවට ගත්ත 4WD එකක් 2WD එකක් වගේ ඔයාට වැඩි මිලට දෙන්න පුළුවන්.
4. වාහනේ LC එක දන්න කලින් අනිවාර්යෙන් පහල දාල තියෙන website එකෙන් එකෙන් හරි ඒ වගේ වෙනත් එකකින් report එකක් ගන්න අමතක කරන්නත් එපා. එකෙන් ඔයාලට importer දුන්න auction sheet එක හරිද කියල සහ වාහනේ කලින් auction history එකක් තියෙනවද කියල බලාගන්න පුළුවන්.
එහෙනම් අදට මෙපමණයි. මේ වගේ ඉස්සරහට එන articles බලන්න අපේ UrbanDrive Car Sales පේජ් එක follow කරලා තියාගන්නත්, පෝස්ටුව හොදයි නම් share කරන්නත් අමතක කරන්න එපා 😉🫡
අපේ අලුතෙන් හදපු WhatsApp Channel එකත් follow කරන්න අමතක කරන්න එපා. අපි එකෙන් latest news, මේ වගේ tips, prices වගේ දේවල් ඉස්සරහට share කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.



