Back to Blog
Auction Sheet
March 2, 2026UrbanDrive Team

Auction Sheet

අද අපි කතා කරමු ජපන් වාහනයක් ඉදිරියේදී මිලදී ගන්න ඉන්න ඔයාලට වැදගත්ම දෙයක් වන Auction Sheet එක ගැන.

ඔයාල දන්නවා ලංකාවට ජපානයෙන් ආනයනය කරන වාහන බහුතරයක් ජපානේ auction වලින් මිලදී ගත්ත ඒවා කියල. ඒ හැම වාහනයක්ම auction එකට ඇතුල් කරද්දී ජපානේ ඉන්න පළපුරුදු inspectors ල වාහනේ check කරලා report එකක් දෙනවා. ඒ report එක තමයි auction sheet එක කියන්නේ. මේ sheet එක dealers/importers ලට උදව් වෙනවා ඇස් දෙකෙන් දකින්නේවත් නැතුව වාහනේ ගැන හොද අදහසක් ගන්න සහ auction වලින් මිලදී ගන්න.

මම පහල දාල තියෙන්නේ real auction sheet එකක ෆොටෝ එකක්. සමහර auction sheet වල structure එක මේ photo එකේ තියෙන එකට වඩා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි එකම දේවල් ටික තමයි තියෙන්නේ. ඒ වගේ වෙලාවට auction sheet එක Google Translate එකෙන් translate කරලා ලේසියෙන්ම ඔයාලට ඕනේ දේවල් ටික හොයාගන්න පුළුවන්.

අපි එහෙනම් බලමු auction sheet එකක තියෙන අපිට වැදගත් වෙන දේවල් ටික 👇

1. 𝐋𝐨𝐭/𝐀𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐍𝐮𝐦𝐛𝐞𝐫: මේක auction එකෙන් දෙන unique number එකක් වාහනේ වෙනම auction එකේදී අදුර ගන්න. ඒක හරියට අපේ NIC number එක වගේ.

2. 𝐅𝐢𝐫𝐬𝐭 𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐞𝐫𝐞𝐝 𝐘𝐞𝐚𝐫 𝐚𝐧𝐝 𝐌𝐨𝐧𝐭𝐡: මේකේ සදහන් වෙන්නේ වාහනේ නිෂ්පාදිත වර්ෂය සහ මාසය නෙවෙයි. ජපානේ පළමු වරට ලියාපදිංචි වූ වර්ෂය හා මාසය තමයි සදහන් වෙන්නේ. ජපානේ නිෂ්පාදිත වහනයක්නම් බොහෝ දුරට මෙම දිනය නිෂ්පාදිත දිනයට ආසන්නයි. ඔයාලට පහල තියෙන sheet එක බැලුවොත් එකේ තියෙන විදිහට උඩ කොටුවෙන් කියවෙන්නේ වර්ෂය. හැබැයි එක තියෙන්නේ 2024, 2025 විදිහට නෙවෙයි. එකේ තියෙන්නේ ජපානේ භාවිතා වෙන Japanese year system එකෙන්. ඔයාලට ඒක convert කරගන්න ඕනෙනම් 2018 ට, ඒ අංකය එකතු කරන්න. උදාහරණයක් විදිහට පහල sheet එකේ තියෙන්නේ 6 කියල. ඒ කියන්නේ 2024 (2018 + 6). යට කොටුවේ තියෙන්නේ කීවෙනි මාසෙද කියල.

3. 𝐕𝐞𝐡𝐢𝐜𝐥𝐞 𝐌𝐨𝐝𝐞𝐥: වාහනේ model එක (Yaris, Vezel,....)

4. 𝐌𝐨𝐝𝐞𝐥 𝐂𝐨𝐝𝐞: වාහනේ model එකේ code එක (5BA-KSP210, DBA-NGX10, .....). මේකෙන් වාහනේ model එක, 2WD ද 4WD ද, පෙට්‍රොල් ද ඩිසල් ද වගේ සමහර විස්තර හොයාගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඔයාලගේ වාහනේ model code එක Google කරලා එකෙන් කියවෙන්නේ මොන වගේ විස්තරද කියල හොයල බලන්න.

5. 𝐂𝐡𝐚𝐬𝐬𝐢𝐬 𝐍𝐮𝐦𝐛𝐞𝐫: වාහනේ චැසි නම්බරය.

6. 𝐄𝐧𝐠𝐢𝐧𝐞 𝐂𝐚𝐩𝐚𝐜𝐢𝐭𝐲: Engine ධාරිතාව cc වලින් කියද යන්න.

7. 𝐓𝐫𝐚𝐧𝐬𝐦𝐢𝐬𝐬𝐢𝐨𝐧: Automatic නම් FAT, AT ලෙසද manual නම් ගියර් කීයක්ද යන්න විවිඩ විදි වලින්ද සදහන් වෙනවා (F5, F6, 5MT, 6MT, .....).

8. 𝐌𝐢𝐥𝐞𝐚𝐠𝐞: වාහනේ දුවල තියෙන කිලෝමීටර් ගණන.

9. 𝐂𝐨𝐥𝐨𝐮𝐫: වාහනේ පාට මොකක්ද කියල ජපන් භාෂාවෙන්. සමහර වෙලාවට colour code එක සදහන් වෙන්නත් පුළුවන්.

10. 𝐆𝐫𝐚𝐝𝐞: වාහනේ තියෙන features වගේ දේවල් අනුව නිෂ්පාදිත සමාගමෙන් ලබාදුන්න grade එක (X, G, Z, .....).

11. 𝐕𝐞𝐡𝐢𝐜𝐥𝐞 𝐃𝐢𝐚𝐠𝐫𝐚𝐦: මේ diagram එකේ තියෙන සලකුණු වලින් පුළුවන් වාහනේ එළියේ තියෙන damages, paint එකේ තියෙන damages, accidents නිසා replaced කරපු parts වගේ දේවල් දැනගන්න. මම මේ සලකුණු වල තේරුම් තියෙන table එකක photo එකක් පහලින් දාන්නම්.

12. 𝐄𝐱𝐭𝐞𝐫𝐢𝐨𝐫 𝐆𝐫𝐚𝐝𝐞: වාහනේ එළියේ තියෙන condition එක එක අනුව A ඉදන් F වෙනකන් අගයක් මේකට ලැබෙන්න පුළුවන්. Diagram එකේ තියෙන දේවල් අනුව තමයි මේක තීරණය වෙන්නේ.

13. 𝐈𝐧𝐭𝐞𝐫𝐢𝐨𝐫 𝐆𝐫𝐚𝐝𝐞: වාහනේ ඇතුලේ තියෙන condition එක එක අනුව A ඉදන් F වෙනකන් අගයක් මේකටත් ලැබෙන්න පුළුවන්.

14. 𝐀𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐆𝐫𝐚𝐝𝐞: මේක තමයි වාහනේ interior condition, exterior condition, mileage, වාහනේ damages වගේ කලින් කියපු හැම එකක්ම වගේ සලකා බලල දෙන overall grade ඒක. මේකෙන් පුළුවන් වාහනේ overall condition එක බලාගන්න. මේ grades වල තේරුම් දල වශයෙන් තියෙන table එකක photo එකකුත් මම පහලින් දාන්නම් ඔයාලට අදහසක් ගන්න පුළුවන් වෙන්න.

15. 𝐈𝐧𝐬𝐩𝐞𝐜𝐭𝐨𝐫 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭𝐬: Vehicle Diagram එකේ සදහන් කරපු නැති damages issues, වාහනේ අඩුපාඩු, notes වගේ දේවල් තමා මේ section එකේ සදහන් කරන්නේ.

දැන් ඔයාලට තේරෙනවා ඇති මේ sheet එකෙන් ඔයාලට තියෙන ලොකුම වාසිය මොකක්ද කියල. ඒ තමයි ජපානෙන් import කරපු වාහනයක් ගන්නකොට වාහන සේල් එකෙන් හරි importer ගෙන් ඒ වාහනේට අදාල auction sheet එක ඉල්ලගෙන ඔයාලටම බලන්න පුළුවන් එක 😉. එහෙම නැත්නම් Chassis number එකෙන් හරි lot number එකෙන් වාහනේ auction sheet එක download කරගන්න පුළුවන් websites තියෙනවා service charge එකක් ගෙවල (5-15 USD වගේ ගානක් වෙන්නේ ගොඩක් මේ වගේ website වල). මේ වගේ websites ලේසියෙන් හොයාගන්න පුළුවන් ඉන්ටෙර්නෙට් එකෙන්.

ඉතින් මේ වගේ අලුත් අලුත් දේවල් ඉස්සරහටත් දැන ගන්න අපේ පහල තියෙන WhatsApp Channel එකට join වෙන්න අමතක කරන්නත් එපා.

Ready to Import Your Dream Car?

Get in touch with us today and let's turn your dream vehicle into a reality!

Powered by Passion, Built on Trust 🇱🇰