අද අපි කතා කරමු Honda පවුලේ අලුත්ම සාමාජිකයෙක් වෙන Honda ZR-V රථය ගැන.
මේක 2022 හදුන්වා දුන්න Vezel සහ CR-V වාහන category දෙක අතරට වැටෙන Mid Size SUV එකක්. මේක ප්‍රමාණයෙන්, සැප පහසුව, features වගේ බොහෝ දේවල් වලින් Vezel එකට වඩා ඉහලින් තියෙන වාහනයක්. 😉

මේක 2 Litre Petrol Hybrid එකක් විදිහට සහ 1.5 Litre Turbo Petrol Non-Hybrid එකක් විදිහටත් එනවා. ඒත් ලංකාවේ අලුත් tax ක්‍රමයත් එක්ක වැඩිපුරම ඉදිර්යේදී බලාපොරොත්තු වෙන්න වෙන්නේ 1.5 Litre Turbo Petrol Non-Hybrid රථය විතරයි. මේකේ තියෙන 1.5 Engine එක ගැන කතා කරනවානම් මේකේ තියෙන්නේ Honda L15 Turbo Engine එකක්. මේ එන්ජින් එකම තමා ගොඩක් Honda වාහන වලට එන්නේ සහ මේක reliability අතිනුත් ඉහලින්ම තියෙන එන්ජින් එකක්.
මේකේ grades විදිහට Non-Hybrid රථයේ බලාගන්න පුළුවන් වෙන්නේ X සහ Z විතරයි. මේ දෙකෙන් Z grade කියන්නේ highest සහ technology features අතින් වැඩි grade එක. Interior සහ exterior වල නම් මේ grades දෙක අතරේ තියෙන්නේ ඉතා සුළු වෙනස්කම්. මේ දෙකේ වෙනස්කම් සංසන්දනය කරලා අපි හදපු sheet එකේ photo එකකුත් අපි පහලින් දාන්නම්. එකේ සුළු වෙනස්කම් වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් දුරට accurate.
දැන් ඔයාලට එන ප්‍රශ්නේ තමා මේකේ ගාන කියක් වෙයිද කියන එක. අලුත් බදු ක්‍රමයත් එක්ක 1.5 Litre Petrol Non-Hybrid රථය මිලියන 19 සිට ඉහලට ඉදිරියේදී ලංකාවේදී බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම ලංකාවෙන් ZR-V එකට ඉදිරියේදී එන demand එකත් එක්ක මේ මුදල එහා මෙහා වෙන්නත් ලොකු chance එකක් තියෙනවා.
ඉතින් මේ වගේ අලුත් අලුත් දේවල් ඉස්සරහටත් දැන ගන්න අපේ පහල තියෙන WhatsApp Channel එකට join වෙන්න අමතක කරන්නත් එපා.


