Back to Blog
Vezel Sunlight White Pearl Colour
November 24, 2025UrbanDrive Team

Vezel Sunlight White Pearl Colour

මොකක්ද මේ හැමෝම හොයන Vezel එකේ එන Premium Sunlight White Pearl Colour එක 😏👇

🔴 මුලින්ම කියන්න ඕනේ Premium Sunlight White Pearl කියන්නේ අපිට ගොඩක් Vezel වල දකින්න හම්බෙන Pearl White එක නෙවෙයි. මේක වෙනම colour එකක්.

🔴 Premium Sunlight White Pearl කියන්නේ Vezel එකට company එකෙන් එන ගණන් වැඩිම සහ විශේෂිතම colour එක 😎

🔴 මේකේ colour code එක තමයි NH902P කියන්නේ.

🔴 මේ colour එකේ විශේෂත්වය තමයි අපි වාහනේ දිහා බලන angle එක, ආලෝකය වැටෙන angle එක, වාහනේට ආලෝකය වැටෙන ප්‍රමාණය වගේ ගොඩක් දේවල් මත White colour එකට අමතරව Golden colour එකක්, Soft Blue colour එකක් සහ සමහර අදුරු වෙලාවල් වලට Gray colour එකට ආසන්න පාටක් වගේත් බලාගන්න පුළුවන් වෙන එක ✨

පහලින් දාලා තියෙන දැනට අපේ stock එකේ available Sunlight White Pearl Vezel එකක photo එකක්. මේ colour එකේ effect එක හරියටම බලාගන්න පුළුවන් වෙන්නේ ඒ colour එකේ වාහනයක් ඇස් දෙකෙන්ම දක්කොත් විතරයි photos වලින් හරියටම පේන්නේ නැති නිසා.

ඉතින් මේ වගේ අලුත් අලුත් දේවල් ඉස්සරහටත් දැන ගන්න අපේ පහල තියෙන WhatsApp Channel එකට join වෙන්න අමතක කරන්නත් එපා.

Ready to Import Your Dream Car?

Get in touch with us today and let's turn your dream vehicle into a reality!

Powered by Passion, Built on Trust 🇱🇰