Back to Blog
Kei Cars and WagonR
May 13, 2025UrbanDrive Team

Kei Cars and WagonR

Kei Cars සහ WagonR !!!

අපි මුලින්ම කතා කරමු මොකක්ද මේ Kei Cars හෙවත් K Cars කියන්නේ කියල. මේක ජපානයටම අනන්‍ය වුන, ජපානයේ කාර්යබහුල නගර වල භාවිතයට පහසු වන විදිහට ප්‍රමාණයෙන් කුඩාවට නිෂ්පාදනය කරන domestic vehicle category එකක්. මේ category එකේ වාහන වලට ජපානෙ රජයෙන් හම්බෙන tax benefits, insurance benefits, ඉන්ධන කාර්යක්ෂමතාව, අඩු ඉඩක වාහන park කරගන්න පුළුවන් වීම වගේ හේතු නිසා ජපානේ මේ category එකේ වාහන ඉතා ජනප්‍රිය වෙලා තියෙනවා.

ඒ වගේම ඒ ඒ කාලවලදී K cars නිෂ්පාදනය කල යුත්තේ මොන මොන specifications යටතේද කියන එක තීරණය කරන්නේ ජපානේ රජයේ ආයතන වලින්. උදාහරණයක් විදිහට කිව්වොත් මේ තියෙන්නේ K car එකකට දැන් තියෙන්න ඕනේ specifications කිහිපයක්:

  • Maximum Length: 3.4 metres
  • Maximum Width: 1.48 metres
  • Maximum Height: 2.0 metres
  • Maximum Engine Capacity: 660cc
  • Maximum Power Output Limit: 64 horsepowers

ඔයාලට පේනවා ඇති K cars වල ප්‍රධානම අරමුණ ප්‍රමාණයෙන් කුඩා වීම කියන එක. එහෙමත් නැත්නම් මිලෙන් අඩුවීම හෝ ප්‍රමිතියෙන් අඩු වීම කියන එක නෙවෙයි කියන එක. මේ category එකේ වාහන ලොකු price range එකක බලාගන්න පුළුවන්. ඒ ඒ මිල ගණන් අනුව වාහනේ ප්‍රමිතිය, ඒවගේ තියෙන features වගේ දේවල් අඩු වැඩි වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් වෙනත් category ක වාහනයක් වෙන Yaris low grade එකකට වඩා K cars category එකේ WagonR high grade එකක company මිල සහ features වැඩියි. 😉

ලංකාවට ජපානෙන් වැඩිපුර වාහන ආනයනය වෙන නිසා ජපානේ ප්‍රසිද්ද K cars ගොඩක් ලංකාවෙත් බලාගන්න පුළුවන්. උදාහරණ විදිහට Suzuki WagonR, Suzuki Spacia, Honda N-WGN, Honda N-Box, Nissan Dayz, Diahatsu Taft, Daihatsu Tanto, ....etc.

එහෙනම් අපි බලමු ලංකාවේ වැඩිපුරම දකින්න හම්බෙන K car එක වෙන WagonR එක ගැන. WagonR වල Basic, Custom Z සහ Stingray වශයෙන් types 3ක් බලාගන්න පුළුවන්. මේ types 3නේ ප්‍රධානම වෙනස්කම තමයි ඉදිරිපස පෙනුම සහ features. මේ 3නේම ඉදිරි පෙනුම තියෙන photos සහ grades වල මම හදපු comparison පහලින් දාන්නම්.

මුලින්ම තියෙන්නේ Basic type එක. මේකේ FX සහ Hybrid FX-S වශයෙන් grades දෙකකින් එනවා. FX grade එක 660cc petrol engine එකකින් සහ Hybrid FX-S එක 660cc hybrid petrol engine එකකින් සමන්විත වෙනවා. මම දාල තියෙන comparison එක බැලුවොත් පෙනෙයි දෙකම basic type එකේ උනාට features වල වෙනස්කම් කීපයකුත් දෙකේ තියෙනවා කියල.

ඊළඟ type එක තමයි Custom Z කියන්නේ. මේකේ ඉදිරි පෙනුම සම්පුර්ණයෙන්ම වගේ අලුත් එකක්. අපිට import restrictions වලට කලින් මේකට ලගින් යන පෙනුමක් තියෙන එකක් දකින්න ලැබුනේ නැ. අලුත් පෙනුමක් තියෙන වාහනයක් හොයන කෙනෙක්ට නම් මේක තමයි choice එක 😌. මේකේ Hybrid ZX සහ Hybrid ZT කියල grades දෙකක් බලාගන්න පුළුවන්. මේ දෙකේ වෙනස තමයි දෙකේම 660cc hybrid petrol engine තිබුනත් ZT එකේ අමතරව Turbo charger එකක් තිබීම. ඒක නිසා ZT එකේ engine power එක කලින් කිව්වා වගේ K car එකකට ජපානෙන් allow කරලා තියෙන maximum power එක වෙන 64 horsepowers limit එක hit කරලා තියෙනවා. අනිත් non-turbo versions වල මිට සාපේක්ෂව power එක ටිකක් අඩු වුනත් ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩියි. මේ grades දෙකෙන් ඔයාට ඕනේ මොන එකද කියල තෝරාගන්න ලේසියි. ඔයාට ඕනේ Power එක නම් ඔයාගේ choice එක ZT එක. ඔයාට ඕනේ ඉන්ධන කාර්යක්ෂමතාවය නම් ඔයාගේ choice එක ZX. මේ දෙකේ features නම් same කියන්න පුළුවන්. Custom Z එකේ grades ටික Basic එකේ grades ටිකත් එක්ක සැසදුවොත් features වල සැලකිය යුතු තරම් වෙනසක් තියෙනවා කියල ඔයාලට බලාගන්න පුළුවන් වෙයි.

ඒ වගේම මේ දෙකටම එන Alloy Wheels වර්ග දෙකක් බලාගන්න පුළුවන්. ඒ තමා Diamond cut alloy wheel එක Fully painted alloy wheel එක. මේ දෙකෙන් ලංකාවේ ඉල්ලුම සහ මිලෙන් වැඩි Diamond cut alloy wheel එක එන Custom Z ඒවාට.

අන්තිමටම බලාගන්න පුළුවන් type එක තමයි Stingray කියන්නේ. මේකේ බලාගන්න පුළුවන් Hybrid T කියන grade එක විතරයි. මේකේ තියෙන්නෙත් ZT එකේ වගේ turbo charge කරපු 660cc petrol engine එකක්. මේකේ පෙනුම නම් import restrictions වලට කලින් තිබුන Stingray වල පෙනුමම තමයි. Features වලින් බැලුවත් Custom Z එකේ grades වලට same කියල කියන්න පුළුවන්.

කලින් WagonR එකේ තිබුන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි හැම තැනදීම අනවශ්‍ය විදිහට auto brake වදින එක 😬. හැබැයි අලුත් ඒවගේ තියෙන්නේ මිට වඩා තාක්ෂණයෙන් දියුණු refined auto brake system එකක්. එක නිසා අනවශ්‍ය තැන් වලදී auto brake වදින එක බොහෝ දුරට අඩු වෙයි. ඊට අමතවර cruise control ලැබෙන grades වල තියෙන්නේ මිලෙන් අධික වාහන වල තියෙනවා වගේ adaptive cruise control. ඒ හින්ද highway එකේ driving කරන එකත් ඉතාම පහසුයි. ඒ වගේම පිටුපස parking sensors තියෙන හින්ද driving වලට ආධුනික කෙනෙක්ටත් ඉතාම පහසුවෙන් reverse සහ park කරන්න පුළුවන්. ඊට අමතරව කලින් තිබුණු WagonR වලට වඩා අලුතෙන් එන ඒවගේ features වල වෙනස්කම් ගොඩක් බලාගන්න පුළුවන්.

ඉතින් මේ වගේ අලුත් අලුත් දේවල් ඉස්සරහටත් දැන ගන්න අපේ පහල තියෙන WhatsApp Channel එකට join වෙන්න අමතක කරන්නත් එපා.

Ready to Import Your Dream Car?

Get in touch with us today and let's turn your dream vehicle into a reality!

Powered by Passion, Built on Trust 🇱🇰